සිංහල සහ දෙමළ පාසල් නිවාඩු කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට  තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025.12.23 දින සිට 2026.01.04 දින දක්වා ද, මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දෙන බව දන්වා ඇත.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත අතර, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදු නොවන බව එම නිවේදන‌යේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website