
ජනාධිපතිවරයාගේ කෙරුවාව ගැන දැන් ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දන්නවා. මේ ජනාධිපතිවරයම දවසක් කිව්වා ‘මම පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු’ කියලා. එහෙම නම් මේ විපතට පත් වුණ ජනතාව වෙනුවෙන් දෙනවා කිව්ව සහන මල්ලේ බොහෝ දේවල් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා මේ සහන මල්ල එළියට දැම්මේ පාර්ලිමේන්තුවේදී. ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුවේ දී කිව්වා, ‘වහළයක තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා’ කියලා. නමුත් අද එහෙම නැහැනේ.
- දිට්වා සුළි කුණාටුවෙන් සිදු වුණ දැවැන්ත විනාශය, විශේෂයෙන් ජනතාව මිය යාම සම්බන්ධයෙන් විපක්ෂ පොදුවේ ආණ්ඩුවට චෝදනා කරනවා. ඒ චෝදනාවල පදනම කුමක් ද ?
මේ විනාශකාරී ආපදාව නිර්මාණය කළේ වත්මන් මාළිමාව ආණ්ඩුව කියලා චෝදනා කරන්න අපි බය වෙන්නේ නැහැ. ‘මේ ආපදාව ඇති වෙන බව ආණ්ඩුවට කල්තියා දැනුම් නොදුන්නා’ කියන කතාව කියලා ආණ්ඩුවට අත හෝද ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ අතරේ ආණ්ඩුව චෝදනා කරනවා විපක්ෂය විසින් බොරු බිල්ලන් මවලා, මේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් විවිධාකාර මතවාද ගොඩනගලා ආණ්ඩුව විනාශ කරන්න හදනවා කියලා. අපිට මේ ආණ්ඩුව විනාශ කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. ආණ්ඩුවේ කල්කිරියාව සහ හැසිරීම තුළම අද ආණ්ඩුව විනාශ වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා කියන හැම වචනයක්ම, කරන හැම වැඩක්ම බොරුවක් බවට අද පත්වෙලා නැද්ද ?.
ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ඔ්නෑම රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ එහි ප්‍රධානියා කියන්නේ රජයේ නිලධාරියෙක්. ඔහු යම්කිසි මාධ්‍ය ආයතනයට ගිහිල්ලා යම් අවධානමක් ගැන හෙළි කරනවා නම් ඒක නීත්‍යානුකූල කතාවක්, පිළිගත යුතු කතාවක්. චමින්ද විජේසිරි වන මම හෝ ජනමධ්‍යවේදියෙක්, ගොවියෙක් මේ කතාව කිව්ව නම් ඒකට කිසිම පිළිගැනීමක් නැහැ, නීත්‍යානුකූලභාවයක් නැහැ. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සුළි කුණාටුව පිළිබඳව මුලින්ම කියනවා. මම යළිත් අවධාරණය කරනවා, ඔහු නිකංම නිකං පුද්ගලයෙක් නෙමෙයි, ඔහු ඒක කිව්වේ කොතැනකදී ද කියන එකට කිසිම අදාළත්වයක් නැහැ. වැදගත් කිව්වේ කවුද ? කිව්වේ මොකක් ද කියන එකයි. ඔහු මේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඔහු කියන දෙයක් ආණ්ඩුවට කිසිසේත්ම නොසලකා හරින්න බැහැ. ඔහු මේ ආකාරයේ බරපතළ ප්‍රකාශයක් කළා නම් ආණ්ඩුව වහාම ඒ ගැන ඔහුගෙන් විමසීමක් හෝ ප්‍රශ්න කිරීමක් කළ යුතුයි. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, විෂයභාර අමාත්‍යවරයා මේ ගැන වහාම කරුණු විමසා අදාළ පියවර ගත යුතුයි.
- නමුත් මේ වන විට නිලධාරීන්ගේ තත්ත්වය වෙනස් වෙලා නේද ?
ඔව්, දැන් ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වෙලා තිබෙනවා. අපි දකිනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අඛණ්ඩව ජනතාව දැනුවත් කරනවා, සාකච්ඡා පවත්වමින් පූර්ව සූදානමක් ගනිමින් සිටිනවා. හදිසි ආපදාවකට මුහුණ දෙන්න වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විටත් සූදානමින් සිටිනවා. ඔහු මහා ජලාශවල වාන් දොරටු අරිමින් සිටිනවා. වැස්ස එනවා, වහින ප්‍රමාණය දන්නවා, මේ ප්‍රමාණයට වැස්සොත් මේ මේ ජලාශ වාන් දාන්න වෙනවා කියලා මේ නිලධාරීන් දන්නවා. ඒ නිසා කල් ඇතිව ආපදාවකට හෝ හදිසි තත්ත්වයකට රාජ්‍ය නිලධාරින් මේ වන විටත් සූදානමින් සිටිනවා. මේ පූර්ව සූදානම එදා, 12 වැනිදා තිබුණා නම්, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ පූර්ව අනතුරු ඇඟයීම අනුව ආණ්ඩුව කටයුතු කළා නම් මේ විනාශය සිදුවෙන්නේ නැහැ.
- අපිට මතකයි අනූර කුමාර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙතුව සිටිය දී හදිසි ආපදාවකදී ආණ්ඩුව කටයුතු කළ ආකාරය ගැන ඉතාම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනවා. එතුමාට එවැනි දැනුවත් කිරීමක් තිබියදී පවා අවශ්‍ය ආකාරයට කටයුතු නොකළ බව ද ඔබ කියන්නේ ?
මේ ඔලමොට්ටල ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලය ගන්න කලින් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තිබුණ විශ්වාසය සම්පූර්ණයෙන් විනාශ කළා. ඔවුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකි සත පහකට ගණන් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ විනාශය වුණේ. අපි ඉතාම පැහැදිලිව කියනවා මේක මිනී මැරුමක් ලෙස සැලකිය යුතුයි.
- විපක්ෂය කිව්වා මේ විනාශය සම්බන්ධයෙන් අධිකරණයට යනවා කියලා. ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවා ද ?

ඔව්, අපි යළි යළිත් අවධාරණය කරනවා ‘මේක මිනී මැරුමක්’ ඒ නිසා අපි පැහැදිලිවම අධිකරණයට යනවා. අපි දන්නවා මහනුවර, ගම්පොළ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණේ කොත්මලේ ජලාශයේ සොරොව්ව විවෘත කළ නිසයි. ගම්පොළට මේ තරම් විනාශයක් වුණේ කොත්මලේ ජලාශයේ සොරොව්ව විවෘත කරන බව ප්‍රමාණවත් කාලයක් තුළ ජනතාව දැනුවත් නොකළ නිසයි. ක්ෂණිකව සොරොව් විවෘත කළ නිසයි. ඔලමොට්ටල ආණ්ඩුවට අවනත වුණ සමහර නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමය හරහා ගම්පොළ ජනතාවගේ ජීවිත අහිමි වීම ගැන මේ ආණ්ඩුව වගකිව යුතුයි. කුණාටුවෙන් හෝ ගංවතුරෙන් නෙමෙයි, මේ ඔලමොට්ටල ආණ්ඩුවේ නොහැකියාව නිසා තමයි කොත්මලේ ජලාශයේ වාන් දොරටු ඉතාම ඉක්මනින් විවෘත කළේ. ඒක කළොත් දැවැන්ත ගංවතුරක් ඇති වෙන බව දැන දැනම තමයි මේක කළේ. ඇයි දැන් කරන දේ එදා කරන්න බැරි වුණේ ?, ඔය දැන් අගේට කරන්නේ. ඊසාන දිග මෝමේ වර්ෂාපතන දත්තවලට අනුව දැන් ඔය කටයුතු කරන්නේ. මෙන්න මේක කරන්න කියලා තමයි එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වේ.
- ඔබ යළි යළි කියන්නේ මේ ආණ්ඩුවට අත්දැකීම් නැති බව ද ?
ඉතාම පැහැදිලිව ඔව්. මේ ඔලමොට්ටල ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අත්දැම් නැහැ. මෙයාලා පාක්කු ප්‍රහාරය කාලේ හිටිය නම්, සුනාමිය කාලේ හිටියා නම්, යුද්ධය කළා නම් කොහොම වෙයිද ?. රටේ වාසනාවට ඒ කාලේ මෙයාලාට 3%කට වඩා දුන්නේ නැහැ.
- ඔබ කියන්නේ මේ තත්ත්වය දැන් ජනතාව තේරුම් ගෙන සිටිනවා කියලද ?
ඔව්, ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ කෙරුවාව ගැන දැන් ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දන්නවා. මේ ජනාධිපතිවරයම දවසක් කිව්වා ‘මම පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු’ කියලා. එහෙම නම් මේ විපතට පත් වුණ ජනතාව වෙනුවෙන් දෙනවා කිව්ව සහන මල්ලේ බොහෝ දේවල් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා මේ සහන මල්ල එළියට දැම්මේ පාර්ලිමේන්තුවේදී. ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුවේ දී කිව්වා, ‘වහළයක තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා’ කියලා. නමුත් අද එහෙම නැහැනේ.
- විපක්ෂය කුමනාකාරයෙන් චෝදනා කළත් විපතට පත් වුණ ජනතාවට සහන ලබාදීම ඉතා හොඳින් සිදුවෙන බව ආණ්ඩුව කියනවා නේද ?
කියන්න නම් පුළුවන්, ඒත් නොකරන එකමනේ ප්‍රශ්නේ. ගංවතුරෙන් යට වුණ නිවාස පිළිසකර කර ගන්න රුපියල් 25,000ක් දෙනවා කියලා කිව්වා. නමුත් ඒක තාම 50%කට නොදුන් බව ජනමාධ්‍ය ඇමැතිවරයාම කියනවා. ගොවීන්ට වගා හානිවලට කිසිම සහනාධාරක් ලැබිලා නැහැ, ආරක්ෂිත කඳවුරු වල ඉන්න ජනතාව හරියට කෑම ටික, සනීපාරක්ෂක පහසුකම් ටික දෙන්නේ නැහැ. දැන් ඔවුන්ට ආපසු ගෙවල් වලට යන්න කියනවා. කිසිම තැනක ආරක්ෂාව සහතික කරලා නැහැ.
- සහනාධාර ලබාදීමේ දී ජවිපෙ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ඍජු මැදිහත්වීම් ගැන විපක්ෂය දිගින් දිගටම චෝදනා කරනවා. මේ චෝදනාවලට කිසිම පදනමක් නැති බවයි ආණ්ඩුව කියන්නේ. ඔබ මේ ගැන කියන්නේ කුමක් ද ?
ඉතාම පැහැදිලිව ගම්වල ඉන්න ජේවීපීකාරයෝ සහ මාළිමාවේ සාමාජිකයෝ සියලුම දේවල්වලට ඍජුව මැදිහත් වෙනවා. ඊටත් වහා කැත, මහ හිරිකිත වැඩකුත් සිද්ධ වෙනවා. ඔවුන් සාමන්‍ය ජනතාව, මාධ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධානය රැගෙන එන ආධාර මංකොල්ල කනවා, පැහැර ගන්නවා. බිම් මට්ටමේ සිට ඉහළට කටයුතු කර ජවිපෙ මන්ත්‍රීවරු ග්‍රාම නිලධාරීන්ව, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතූළු රාජ්‍ය නිලධාරීන් යටපත් කරගෙන ඉතාම අත්තනෝමතික ලෙස කටයුතු කරනවා. මේ සහනාධාර මංකොල්ල කාලා රතු තොප්පිය දා ගෙන විලිලැජ්ඡාවක් නැතිව ඒවා බෙදලා දෙනවා. එදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී දුන්න සියලුම සහන බොරුවක් බව අද රාජ්‍ය ආයතන හරහා ඔප්පු වෙලා තියෙනවා. අපි ජනාධිපතිවරයාගෙන් යළි යළි ප්‍රශ්න කරනවා, ‘කෝ එදා පාර්ලිමේන්තුවේ දී කිව්ව සහන ලබා දෙනවාද ?, මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් වන්දි මුදල් ලබා දෙන්නේ කවදාදා ?, විනාශ වුණ නිවසක් වෙනුවෙන් ලක්ෂ 50ක් ලබා දෙන්නේ කවදාද?, යළි පදිංචියට යා නොහැකි පුද්ගලයින්ට ඉඩමක් ගන්න ලක්ෂ 50ක් දෙන්නේ කවදාද ?, සුළඟට ගිය ටකරමකට ලක්ෂ 10ක් දෙන්නේ කවදාද ?, ගොවීන්ට, ව්‍යාපාරිකයින්ට සහනාධාර දෙන්නේ කවදාද කියලා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා.
- යම් යම් අඩුපාඩු තිබුණත් පුනරුද ආණ්ඩුව සිස්ටම් චේන්ජ් එකක් කළා කියලා ආණ්ඩුවට සම්බන්ධ විද්වතුන් කියනවා නේද ?, ඔබ මේ ගැන කුමක්ද කියන්නේ ?
ආණ්ඩුව මොන සිස්ටම් චේන්ජ් එකද කළේ?. මේකත් පරණ ආණ්ඩු වගේම තමයි. ජනතාවට ලැබුණ පුනරුදයක්වත්, කළ සිස්ටම් චේන්ජ් එකක්වත් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අසෝක රංවලගේ අලුත්ම නාඩගම. ඔහුට විරුද්ධව ආණ්ඩුව ගත්ත පියවර කුමක් ද? . මේ සිද්ධියේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන ආණ්ඩුව මොනවද කියන්නේ ?, අපි අධිකරණ තීන්දුව ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් රංවලගේ රිය අනතුර සම්බන්ධ සිද්ධියේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය ආණ්ඩුව පොරොන්දු වුණ සිස්ටම් චේන්ජ් එකට ගැළපෙනවාද ?. කිසිසේම නැහැ. මේ ආණ්ඩුව අධිකරණය පවා නොමග යවමින් තමන්ගේ බේබදු මන්ත්‍රීවරයා ආරක්ෂා කරන බවට අපට දැඩි සැකයක් තිබෙනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 21 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි















