පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන කාදිනල්තුමා කියන්නේ කුමක් ද ?

රජයේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙමාපියන්ගේ අයිතිවාසිකම් අහිමි කරන බවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික පදනම්වලට හානි කරන බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති.

ඊයේ (21) හංවැල්ල ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවති උත්සවයක දී කතා කරමින් කාදිනල්තුමා, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී හඳුන්වා දුන් ලිංගික අධ්‍යාපන විෂය මාලාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළේය.

මෙය විවාහය, පවුල් ජීවිතය සහ සදාචාරය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් සමඟ ගැටෙන අදහස් ප්‍රවර්ධනය කරන බවට කාදිනල්තුමා චෝදනා කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාදිනල්තුමා මසේ ද ප්‍රකාශ කළහ, “අද සමාජයේ විවාහ ජීවිතය අඩපණ කරන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එවැනි එක් ගැටලුවක් වන්නේ අපගේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී සකස් කරන ලද ලිංගික අධ්‍යාපන විෂය මාලාවයි. ඔවුන් මේ හරහා අපේ දරුවන්ට හරියටම උගන්වන්නේ කුමක්ද? අවුරුදු හයක් තරම් කුඩා දරුවන්ගෙන් පටන් ගෙන වැඩිහිටි විය දක්වාම, මෙම ලිංගික අධ්‍යාපනය විවිධ ආකාරයේ වැරදි හැසිරීම් උගන්වන අතර, දරුවන්ට මෙම ක්‍රියාවන්හි යෙදිය හැකි බවත්, ඒවා පිළිගත හැකි බවත්, ඔවුන් සමඟ කිසිදු වරදක් නොමැති බවත් පවසනවා. වත්මන් රජය දෙමාපියන්ගෙන් මෙම අයිතිය උදුරා ගන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ප්‍රවර්ධනය කරන බව අපට පෙනී යනවා. මෙය අපට පිළිගත නොහැකි දෙයක්, ” මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ජනගහන පාලන ආයතන ඇතුළු ජාත්‍යන්තර ආයතනවල බලපෑමට ලක් වූ වැඩසටහන් පවුල් ව්‍යුහයන් ඛාදනය කරන අතර දෙමාපිය-ළමා සබඳතාවලට හානි කරන බවට අගරදගුරුතුමා තවදුරටත් අනතුරු ඇඟවීය.

“පවුල් විනාශ වෙමින් තිබෙනවා, දරුවන් තම දෙමාපියන්ට එරෙහිව හරවනවා, දරුවන් දෙමාපියන්ට අකීකරු වීමට දිරිමත් කරන අතර ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙනවි” කාදිනල්තුමා වැඩි දුරටත් පැවසුවේය.

දරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව පිළිගන්නා අතරම, පවුල් බැඳීම් දුර්වල කිරීම සඳහා එවැනි අයිතිවාසිකම් අනිසි ලෙස භාවිතා නොකළ යුතු බව කාදිනල්තුමා අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website