දුරකතන සංවාදයකින් අවසන් වූ මනුෂ්‍ය ඝාතනය

සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට 2025.12.21 වන දින සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 19 ක් වූ තවසිකුලම්, වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. දුරකතන සංවාදයක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website