අග්‍රාමාත්‍යවරිය සහ චීන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද  (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් මහතා හමු වූවාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ස්වාභාවික විපත් තත්ත්වය අතරතුර චීන රජය විසින් සපයන ලද ක්ෂණික ආධාර සඳහා අග්‍රාමාත්‍යවරිය ස්තූතිවන්ත වූ අතර දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගතයේදී සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website