අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයින් අනාගතයට අවශ්‍යයි – අගමැති හරිනි

සාරධර්ම පද්ධතිය රැක ගනිමින් වෙනස්වීම් වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි  ක්‍රියාත්මක වන නායකයින් අනාගතයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඊයේ (16) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) පැවති  19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අනාගත නායකයින් නීත්‍යානුකූල බව  සහ සදාචාරය  රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූලවෙමින් ඉගෙනීම් අනුව ක්‍රියා කිරීමට හැකි වීම වැදගත් වන බවද  අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළ ඇය නව තාක්ෂණය  සමග හමුදා මෙහෙයුම් අඛණ්ඩව පරිවර්තනය වුව ද, නිසි විනිශ්චය, විනය සහ වගකීම නායකත්වයේ මූලිකාංග ලෙස දිගටම පවතිනු ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ, 19 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් කළ,  විදේශීය සිසුන් 26ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට  උපාධි ප්‍රදානය සිදු කෙරිණි.

අධ්‍යාපනික කාර්යසාධනයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට Golden Owl Award, Golden Pen Award සහ Commandant’s Honours යන විශේෂ සම්මාන තුන යටතේ සම්මාන ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලද අතර Defence and Security Journal හි 10 වැනි සංස්කරණය සහ Owlet සඟරාව ද නිල වශයෙන් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website