රාජ්‍ය සේවයට අලුතින් 8547ක් බඳවා ගන්න IMF අනුමැතිය ලැබුණා ද ? – රවී රජයෙන් ප්‍රශ්න කරයි

රාජ්‍ය සේවයට 8547ක් අලුතින් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබී තිබේ දැයි රවී කරුණානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

2026 අයවැයෙන් කොටස් වෙළෙඳපොළ පමණක් ඉලක්ක නො කර ගෙන සාමාන්‍ය මහජනතාවත් රැකෙන පරිදි අයවැය යෝජනා සකස් කරන ලෙස  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙහිදී රවී කරුණනායක මහතා පෙන්වා දුන්නේ තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කර ගැනීම වෙනුවෙන් ද විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

දිගින් දිගටම පාඩු ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් රජය පැහැදිලි තීන්දුවක් ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website