දෙසැම්බර් 08 වන ආරම්භ වීමට නියමිත 2026 අපොස සාපෙළ විභාගය හේතුවෙන් 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති දෙසැම්බර් 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
දෙසැම්බර් 8 වන දින ආරම්භ වීමට නියමිත විභාගයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන විෂය ආශ්රිත දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු සඳහා ද මෙම තහනම අදාළ වන බව මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
















