කිරි එකතු කරන ලොරියෙන් වැටී  13 හැවිරිදි දැරිය මරුට

නෝර්වුඩ් හි ඊයේ (26) පැවති නත්තල් කැරොල් පෙරහුරුවකින් පසු නිවස බලා යමින් සිටියදී කිරි එකතු කරන ලොරි රථයකින් වැටී 13 හැවිරිදි පාසල් සිසුවියක් මිය ගිය බව නෝර්වුඩ් පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ නෝර්වුඩ් වෙන්චර් වතුයායේ අක්කර 50 හි පදිංචි විජේකුමාර් හර්ෂනී නම් වූ සිසුවියකි.

ඇය තම පාසලේ නත්තල් කැරොල් පෙරහුරුවකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී කිරි එකතු කරන ලොරි රථයක පිටුපසට නැග ඇති බවත් සවස 4.00 ට පමණ දැරිය ඇගේ නිවස අසලින් ගමන් කරමින් තිබූ ලොරියෙන් වැටී වැටී බරපතළ තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.

දැරිය දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ නමුත් ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website