හික්කඩුව, නාරිගම – තිරානගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන යමින් සිටි විදේශීය සංචාරක කාන්තාවකගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඊයේ (24) පෙරවරුවේ සමත් විය.
ඊයේ පෙරවරු 10.10 ට පමණ තිරානගම පොලිස් ජීවිතාරක්ෂක මුරපොළට මීටර් 150ක් පමණ දකුණු දෙසින් වූ මුහුදු තීරයේ දිය නාමින් සිටි වයස අවුරුදු 35ක් වන බෙලරුස් (Belarus) ජාතික Maruic Charan Kevich නමැති සංචාරක කාන්තාව මෙලෙස අනතුරට ලක්ව ඇත.
එම අවස්ථාවේ මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වන;
- පොලිස් සැරයන් 38508 දිසානායක
- පොලිස් කොස්තාපල් 83255 මිහිඳු
- පොලිස් කොස්තාපල් 98864 නිපුන්
යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී, දැඩි පරිශ්‍රමයක් දරා ඇයව නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබේ. ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව මූලික ප්‍රථමාධාර ලබා දීමටද එම නිලධාරීන් පියවර ගෙන ඇති අතර, මේ වන විට එම විදේශීය සංචාරක කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.














