ක්‍රිෂ් නඩුව: නාමල් රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් මහාධිකරණ තීරණය ප්‍රකාශයට පත්කරයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේ නියෝගය අතිහිටුවන ලෙස පසුගිය සිකුරාදා අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය සහ නාමල් රාජපක්ෂගේ නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

එම කරුණුවලට සවන් දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා නාමල් රාජපක්ෂට ලබා දී තිබෙන ඇපය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (18) දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය අනුව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අල්ලස් කොමිසම ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website