හොර විදේශ ගමන් බලපත්‍ර නඩුවේ අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි: විමල් වීරවංශගේ බිරිඳ ‘ශෂී වීරවංශ’ වසර දෙකක් සිරගෙට

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැරදිකාරියක කරන ලද සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේ ය.

කොළඹ මහාධිකරණය විසින් 2022 වසරේ මැයි මස 27 වන දා නියම කරන ලද එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ය.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ වහා ම රිමාන්ඩ් භාරයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි මස 27 වැනිදා  ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාරියට අමතරව මාස 6ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් කළේය.

කොළඹ මහාධිකරණය විසින් නියම කළ එම සිර දඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබුණේය.

එම අභියාචන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  2026 ජූනි 11 වන දා ප්‍රතික්ෂේප කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website