අහුංගල්ල වෙරළ තීරයේ ජීවිතාරක්ෂක නිරීක්ෂණ මුරකුටියට මීටර් 50 ක් පමණ වම් පසින්, වෙරළේ සිට මීටර් 75 ක් පමණ දියඹ දෙසින් දිය නාමින් සිටි විදේශීය ජාතිකයින් සිව්දෙනෙකු ක්ෂණිකව ඇති වූ ක්ෂණික දියවැලකට හසුවී දියඹ දෙසට ගසාගෙන ගොස් ඇත.
නැවත ගොඩබිමට පැමිණීමට නොහැකිව අසරණ වූ එම විදේශිකයන් ආධාර ඉල්ලා සිටියදී, ඒ වන විටත් වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරතව සිටි පො.සැ 66528 ප්‍රියශාන්ත නිලධාරියාගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. වහා ක්‍රියාත්මක වූ පො.සැ 66528 ප්‍රියශාන්ත නිලධාරියාගේ උපදෙස් හා මෙහෙයවීම මත ජීවිතාරක්ෂක ඒකකයේ පො.කො 29896 ලසන්ත, පො.කො 94405 කොට්ටහච්චි, පො.කො 25505 එරන්ද සහ පො.කො 103408 නයනජිත් යන නිලධාරීන් නොපසුබට උත්සාහයෙන් දියඹට පීනා ගොස් එම විදේශිකයන් සිව්දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
ගොඩබිමට රැගෙන ආ විදේශිකයන් වෙත පො.සැ 66528 ප්‍රියශාන්ත නිලධාරියා විසින් වහාම මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළ අතර ඉන් අනතුරුව ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේ කළමනාකාරිත්වය වෙත සුරක්ෂිතව භාර දීමට කටයුතු කෙරිණි.














