නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ පුහුණුවකට යැවීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (28) යළි කැඳවනු ලැබුවේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබේ.
මෙම නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න මහතා නියෝග කළේය.













