එක්දින සහ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීම සඳහා ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ප්රාදේශීය කාර්යලවල මේ ආකාරයෙන් කටයුතු කළ යුතු වුව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්රධාන කාර්යාලයේ සේවාවන් සාමාන්ය පරිදි සිදු වන බව ද නිවේදනයේ සඳහන් වේ.
එක්දින සාමාන්ය සේවාවන් සඳහා අයදුම් කිරීමට පෙර අන්තර්ජාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසුව ප්රාදේශීය කාර්යාල වෙත පැමිණිය යුතු බව ද අදාළ නිවේදනය අවධාරණය කර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව ‘ප්රාදේශීය කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම’ යන සබැදිය ඔස්සේ අයදුම්කරුවන්ට ඒ සඳහා අවශ්ය පහසුකම් සලසා දී ඇති බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.















