තරුණ ටිරන්නෝසෝරස් රෙක්ස් / Tyrannosaurus rex ඩයිනෝසරයෙකු ලෙස වරදවා වටහා ගෙන සිටි නමුත් වෙනස් කුලයකට අයත් ඩයිනෝසෝරයෙකු ලෙස පසුව නම් කළ Nanotyrannus ඩයිනෝසරයෙකුගේ ඇටසැකිල්ලක් වෙන්දේසියකදී ඩොලර් මිලියන 47.3ක් වැනි අති දැවැන්ත මුදලකට අලෙවි වී තිබේ.
“Jodi” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, දළ වශයෙන් අඩි 10ක් උස (මීටර් 3) ඇටසැකිල්ල නිව් යෝර්ක්හි Sotheby නම් වෙන්දේසි සමාගම විසින් වෙන්දේසි කරන ලදී. මෙම ඇටසැකිල්ල වෙනස් කුලයකට අයත් බව පර්යේෂකයන් තහවුරු කිරීමෙන් වසරකට පසුව මෙම විකිණීම සිදු විය.
ඊයේ (27) පැවැති මෙම වෙන්දේසියේ දී මෙම Nanotyrannus අවම වශයෙන් ඩොලර් මිලියන 9ක් මිලට ගනු ඇතැයි අපේක්ෂා කරන ලදී. පසුගිය ජූලි මාසයේදී සොතෙබි විසින් “Gus” ලෙස නම් කරන ලද ටිරන්නෝසෝරස් රෙක්ස් වාර්තාගත ඩොලර් මිලියන 50.1 කට අලෙවි කිරීමෙන් පසුව මෙම වෙන්දේසිය සිදු විය.
ඩයිනෝසෝර අවශේෂ පෞද්ගලිකව අලෙවි කළ යුතු ද නැතහොත් ප්රසිද්ධියේ ප්රදර්ශනය කළ යුතු ද යන්න පිළිබඳව විද්යාත්මක ප්රජාව තුළ විවාදයක් පවතින අතරතුර මෙම විකිණීම සිදු විය.
වෙන්දේසිකරු විසින් “ජෝඩි” විස්තර කරන ලද්දේ පොසිල-අස්ථි 191ක් පමණ සහ “අලංකාර ලෙස සංරක්ෂණය කරන ලද සම්පූර්ණ හිස් කබලක්” සහිත “ප්රදර්ශනයට සූදානම්” ඇටසැකිල්ලක් ලෙසය.
නැනෝටිරැන්නස් / Nanotyrannus යනු “විද්යාවට දන්නා එවැනි ඇටසැකිලි තුනෙන් එකක්” බව වෙන්දේසි ආයතනය තවදුරටත් පැවසීය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද පර්යේෂකයන් විසින් මෙම ගණයේ පැවැත්ම තහවුරු කිරීමෙන් පසු වෙළඳපොළට පැමිණි පළමු නිදර්ශකය මෙය බව සොතෙබිස් පැවසීය.
උනන්දුවක් දක්වන පාර්ශව හය දෙනෙකු අතර පැවති මිනිත්තු 12ක ත්රාසජනක වෙන්දේසි ලංසු තැබීමෙන් පසු ජයග්රහණය කළ ගැනුම්කරුගේ අනන්යතාවය අනාවරණය කර නොමැත.
එය “Gus” ට පසුව, මෙතෙක් අලෙවි වූ දෙවන වටිනාම ඩයිනෝසෝර පොසිලය බවට පත්වේ. තුන්වන වටිනාම ඩයිනෝසෝර පොසිලය වූයේ “ඇපෙක්ස්” ලෙස නම් කරන ලද ස්ටෙගෝසෝරස් ය. එය 2024 ජූලි මාසයේදී සොතෙබිස් විසින් ඩොලර් මිලියන 44.6 කට අලෙවි කරන ලදී.
පෝර්ට්ස්මූත් විශ්ව විද්යාලයේ පාෂාණ විද්යාඥවරියක වන මේගන් ජෙන්කින්ස් පැවසුවේ නැනෝටිරැනස් “ඉතා දිගු කලක් ටී. රෙක්ස්ගේ යෞවනයෙකු ලෙස විශ්වාස කළ” බවයි.
“නමුත් ඔහු බොහෝ කුඩා වන අතර වඩාත් රැලි සහිතයි. ඒ නිසා ඔහු ඉතා සිනිඳු, සිහින්, තල වැනි දත් සහිතයි,” ජෙන්කින්ස් පැවසීය.
ටිරන්නෝසෝරස් රෙක්ස් සහ නැනෝටිරැනස් වසර මිලියන 67කට පමණ පෙර එකම භූ විද්යාත්මක කාල පරිච්ඡේදයකදී එකිනෙකා සමඟ ජීවත් වූහ.
නැනෝටිරාන්නස් කුලය වර්ගීකරණය කිරීමට පෙර, 2023 ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ ෆ්රයිස් මාස්ටර්ස් ජාත්යන්තර කලා ප්රදර්ශනයේදී “ජෝඩි” මුලින්ම බාල ටී. රෙක්ස් විශේෂයක් ලෙස ප්රදර්ශනය කරන ලදී.
මෙම ඇටසැකිල්ල ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්රාන්තයේ ජෝඩි පියර්සන් නම් ගොවිපළ හිමියා විසින් සොයා ගන්නා ලද්දේ, දැඩි ලෙස අධ්යයනය කරන ලද භූ විද්යාත්මක ස්ථානයක් වන Hell Creek Formation හි ඇගේ ඉඩමක ය. පසුව එය වාණිජ පාෂාණ විද්යාඥ ක්ලේටන් ෆිප්ස් විසින් කැණීම් කරන ලදී.
ෆිප්ස් විසින් සුප්රසිද්ධ “ඩුවලිං ඩයිනෝසෝරයන්” පොසිලය ද සොයා ගන්නා ලදී. නැනෝටිරානස් සහ ට්රයිසෙරාටොප්ස් සටනක යෙදී සිටින බව පෙනෙන එම නිදර්ශකය 2006 දී “ජෝඩි” සිට සැතපුම් අටක් (කිලෝමීටර් 13) දුරින් සොයා ගන්නා ලදී.
“ඩුවලිං ඩයිනෝසෝරයන් / Dueling Dinosaurs” සොයා ගැනීම ලින්ඩ්සේ සැනෝ සහ ජේම්ස් නැපෝලි විසින් ප්රකාශයට පත් කරන ලද පර්යේෂණයට තීරණාත්මක විය. එය නැනෝටිරන්නස් ටී. රෙක්ස් ගෙන් වෙන්ව වර්ගීකරණය කළේය. ඩයිනෝසෝරයන් එකිනෙකාගෙන් වෙනස් ද යන්න පිළිබඳ දශක ගණනාවක් තිස්සේ පැවති විවාදය ඔවුන්ගේ පත්රිකාවෙන් අවසන් විය.
“ජෝඩි” වෙන්දේසිය සිදුවන්නේ, අතිශය ධනවතුන් විසින් පොසිල එකතු කිරීමේ නව යුගයක් ආරම්භ කිරීමට වෙන්දේසි මගින් හැකියාව ඇති බවට ඇතැම් විද්යාඥයින් අනතුරු අඟවමින් සිටියදීය.
“Gus” අලෙවියෙන් පසු පර්යේෂකයෝ පැවසුවේ එවැනි දේහයන් වඩාත් නිදහසේ අධ්යයනය කළ හැකි පොදු ස්ථානවල ප්රදර්ශනය කළ යුතු බවයි.
එඩින්බරෝ විශ්ව විද්යාලයේ පාෂාණ විද්යාඥයෙකු සහ ජුරාසික් පාර්ක් චිත්රපට පිළිබඳ උපදේශකයෙකු වන මහාචාර්ය ස්ටීව් බෲසැට්, ජූලි මාසයේදී බීබීසී ලෝක සේවයට පැවසුවේ ටී. රෙක්ස් වෙන්දේසිය “කනස්සල්ලට කරුණක්” බවයි.
“ඒ වගේ මිලක් දරන්න පුළුවන් කිසිම කෞතුකාගාරයක් හෝ විශ්ව විද්යාලයක් ගැන මම දන්නේ නැහැ,” ඔහු පැවසීය. “මොනාලිසා සිතුවම සුපිරි ධනවතෙකු සතු වූවා නම්, එය ප්රදර්ශනයට තබා නොතිබුණි නම්, මිනිසුන්ට එය දැක ගැනීමට නොහැකි වූවා නම් එය කෙසේ විය හැකිදැයි සිතා බලන්න.” ඔහු පැවසුවේය.
එවැනි විකිණීමක් ප්රවණතාවක් බවට පත් නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එය විද්යාත්මක පර්යේෂණ සහ මහජන අධ්යාපනයට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ඔහු ඒ අවස්ථාවේ පැවසීය.
අඟහරුවාදා පැවති වෙන්දේසියට ප්රතිචාර දක්වමින් බෲසැට් පැවසුවේ “ජෝඩි” මහජන දෘෂ්ටියෙන් අතුරුදහන් වීම “භයානක” බවයි.
“නැනෝටිරැනස් සැබෑ බව අපි දැන් සොයා ගත්තා, දැන් හොඳම ඇටසැකිල්ලක් ඉහළම ලංසුකරුට විකිණීමට නියමිතයි, එය කෞතුකාගාරයක ප්රදර්ශනය කරනවාට වඩා එකතුකරන්නෙකුගේ සුරක්ෂිතාගාරවලට අතුරුදහන් විය හැකි යැයි සිතීම භයානකයි“ ඔහු පැවසීය.
නමුත් ජෙන්කින්ස් පැවසුවේ විවාදයට පැති දෙකක් ඇති බවත්, නිදර්ශක කැණීම සඳහා විශාල කාලයක්, වෑයමක් සහ මුදල් වැය වූ බවත්ය.
“මෙතරම් විශාල මුදලකට එය විකිණීමට අවශ්ය වීම ගැන මම සම්බන්ධ පුද්ගලයින් සමඟ අමනාප වෙන්නේ නැහැ. එය බියජනක අපේක්ෂාවක් වුව ද, ඇත්ත වශයෙන්ම ඒවායින් බොහොමයක් මහජන අවධානයට ලක්ව තිබෙනවා. සැකයකින් තොරව මේ දේවල් කවදා හෝ කෞතුකාගාරයක තැන්පත් වනු ඇත.” ඇය පැවසුවාය.
මූලාශ්රය: බීබීසී














