අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ, විහාරමහා දේවී උද්යානය ඉදිරිපිට පැවති සත්යග්රහයට එරෙහිව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා අද (28) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, කොළඹ මහෙස්ත්රාත්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.













