නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (26) දින පෙරවරු 09.00ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට (27) ප‍ෙ.ව 09:00 දක්වා වලංගු වන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම නිවේදනය අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශය සහ අවට ප්‍රදේශවලට අදියර 02 ( අවධානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

  • කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට සහ  බුලත්සිංහල
  • කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඕවිට සහ ගලිගමුව
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
  • රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
  • ගාල්ල දිස්ත්‍රික්කය –  තවලම
  • ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල
  • කළුතර දිස්ත්‍රික්කයේ – මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ
  • මහනුවර දිස්ත්‍රික්කය –  උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ – කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ – නාරම්මල සහ කුරුණෑගල
  • රත්නපුර දිස්ත්‍රික්කයේ – කිරිඇල්ල සහ ඕපනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website