කැස්බෑව, කලවාන සහ ලුණුගම්වෙහෙර පොලිස් වසම් තුළ සිදුවූ රිය අනතුරු වලින් තිදෙනෙකු ජීවිතක්ෂයට

කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ බටුවන්දර ප්‍රදේශයේදී 2026.10.25 දින දහවල් බණ්ඩාරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 17 ක් වූ බටුවන්දර, මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2026.10.25 දින කලවාන පොලිස් වසමේ කලවාන නාවලකන්ද නාවලකන්ද ප්‍රදේශයේදී නාවලකන්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මරණකරු අවුරුදු 46 ක් වූ පිටිගලකන්ද, කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලවාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2026.10.25 දින දහවල් ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ 05 කණුව අසලදී කතරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ඊට පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් හැරවීමට ගිය යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා තිස්සමහාරාම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත. අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. මරණකරු අවුරුදු 69 ක් වූ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලුණුගම්වෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website