ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා හමුවේ, ශාසනික විනය හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා කරගන්නා ලෙස ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා සමස්ත මහා සංඝ රත්නය වෙත කාරුණික දැනුම්දීමක් කරමින් ලිපියක් නිකුත් කර තිබේ.
“ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවල නිතර මහා සංඝරත්න වෙත ශාසනාලයෙන් කරන කාරුණික දැනුම් දීමයි” යන ශීර්ෂපාඨය යටතේ අද (25) දින මෙම ලිපිය නිකුත් කර ඇත.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරත හිමි, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති හිමි සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල හිමි යන ත්රෛිනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
















