මිරිස්ස මුහුද මැද ගිලෙමින් සිටි විදේශීය යුවළක් බේරා ගැනෙති

ඊයේ (24) උදෑසන මිරිස්ස වෙරළ තීරයේ පිහිටි හෝටලයක් අසලින් මුහුද මධ්‍යට ඇදී ගොස් දියේ ගිලෙමින් අනතුරට ලක්වී සිටි විදේශ ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

වෙරල සමීප මුහුදේ දියනාමින් විනෝදවෙමින් සිටියදී දිය වැලකට හසුව ඔවුන් ඇදී ගොස් ඇති අතර එම ස්ථානයේ රාජකාරි යෙදමින් සිටි ජීවිතාරක්ෂක නිලධාරීන් සිව්දෙනෙකු ජීවිතාරක්ෂක ටියුබ යොදාගනිමින් මීටර් 200ක් පමණ දුරක් පිහිනා ගොස් ඔවුන් දෙදෙනා ආරක්ෂිතව බේරාගැනීමට සමත් වී ඇත.

පොලිස් කොස්තාපල් 96953 මයුර
පොලිස් කොස්පතාපල් 101327 අධිකාරි
පොලිස් කොස්තාපල්103619 කුමාරසිංහ
පොලිස් කොස්තාපල් 106051හසංක

මෙම සර්ථක දිවිබේරාගැනීම සිදුකළ නිලධාරීන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website