පසුගිය සෙනසුරාදා (17) දිවයින පුරා සිදු වූ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජාතික පද්ධති ක්රියාකරු (National System Operator – NSO) පුද්ගලික සමාගම විසින් සිදු කරන ලද විමර්ශනයෙන් අර්ථවත් ප්රතිඵල නොලැබෙනු ඇතැයි විදුලි පාරිභෝගික සංගමයේ මහලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ පසුගිය 2025 පෙබරවාරි මාසයේ දී මෙවැනිම බිඳවැටීමකින් පසුව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්රියාත්මක කිරීමට සමාගම අපොහොසත් වූ බවයි.
“2025 පෙබරවාරි මාසයේ ඇනහිටීමෙන් පසු 2025 අගෝස්තු මාසයේදී මහජන උපයෝගීතා කොමිෂම මහජන උපදේශනයක් පවත්වා නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් සකස් කළ බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ දක්වා ඒ කිසිවක් ජාතික පද්ධති ක්රියාකරු ක්රියාත්මක කර නැහැ. ඔවුන් එදා එම නිර්දේශ ක්රියාත්මක කළේ නම්, මෙවැනි සිදුවීමක් නැවත සිදුවීමට ඉඩක් නැහැ. ඔවුන් අපේක්ෂා කළ කිසිම සාධනීය වෙනසක් කරලා නැහැ, කරන බවකුත් පේන්න නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ ජාතික විදුලිබල පද්ධතිය ක්රියාත්මක කරන සමාගම ලෙස, NSO තමන් ගැන විමර්ශනය කරනවාට වඩා ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවයි. ඔවුන් තමන් ගැන විමර්ශනය කිරීම අර්ථවක් ක්රියාවක් ලෙස අපි සලකන්නේ නැහැ.
මෙහි දී ධම්මික මහතා පැවසුවේ මහජන උපයෝගීතා කොමිෂම විසින් සිදුකරන විමර්ශනයකින් පවා යුක්තිය ඉටුවනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි.














