පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය නැවත ක්‍රියාත්මකයි

පොලිස් නිෂ්කාශන අයදුම්පත් ඉල්ලුම් කිරීම මාර්ගගත ක්‍රමවේද (Online) දත්ත පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නිෂ්කාශන වාර්තා ලබාගැනීමට අයදුම්කරුවන් හට නොහැකි තත්ත්වයක් ඇති වී තිබූ අතර මේ වන විට එම දත්ත පද්ධතිය නැවත යථාවත් කර ඇති බැවින් අයදුම්කරුවන් හට අද (16) දින සිට නැවත මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙයි.

අයදුම්කරුවන් ඒ සඳහා www.police.lk වෙබ් අඩවියට පිවිස තම අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ යොමු කරන මෙන් ද පොලිසිය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website