ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ‘නිදහසේ පාද යාත්රවේ’ වැඩම කළ උලපනේ සුමංගල හිමියන් සහ තවත් 54 දෙනෙකුට අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් අද (16) නියෝගයක් ලබාදී තිබේ.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා පොලිසිය විසින් මෙම අධිකරණ නියෝගය ලබා ගෙන ඇත.














