රබර් වගාකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන ඒ සඳහා කඩිනම් හා ප්රායෝගික විසඳුම් ලබා දීමත්, පර්යේෂණ මඟින් සොයා ගන්නා නව දැනුම හා තාක්ෂණික ක්රමවේද වගාකරුවන් වෙත සමීප කිරීමේ අවශ්යතාව වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා අවධාරණය කළේය.
අමාත්යවරයා මේ බව අවධාරණය කළේ රබර් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේ දීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී රබර් පර්යේෂණ ආයතනය මඟින් ක්රියාත්මක කරනු ලබන පර්යේෂණ කටයුතු, රබර් වගාව සඳහා හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්රමවේද සහ මෙරට රබර් කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් ක්රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, දැනට පර්යේෂණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ සේවක ගැටලු පිළිබඳව ද, ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙරට රබර් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම, වගාකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සහ පර්යේෂණ ක්ෂේත්රයේ ප්රතිඵල ප්රායෝගිකව කර්මාන්තයේ දියුණුවට යොදාගැනීම සඳහා අවශ්ය ඉදිරි පියවර පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.











