ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (12) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න සඳහන් කළේය.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් ඇය එහි 61 වැනි වාට්ටුවට ඇතුළත් කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කළ බවත්ය.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් රාජපක්ෂ මහත්මිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.














