අල්ලස් ලබා ගැනීම සම්බන්ධ චෝදනා 05යි: චාමර සම්පත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (12)  අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ චාමර සම්පත් දසානායක මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාර චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්ෆේට් අපනයන බලපත්‍ර ලබා දීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබා ගැනීම ඇතුළු අල්ලස් ලබා ගැනීමේ සිද්ධි 5ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website