2026.02.13 වන දින තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ දිවිත්ව ඝාතන අපරාධයේ ප්‍රධාන සැකකරුට විදේශගතවීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරුහට විදේශගතවීම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීමේදී එයට ඇඟිලි සලකුණු තබා කූඨ ලේඛනයක් සකස් කිරීමට මෙම සැකකරු අනුබල දී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සැකකරු වයස අවුරුදු 45 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.
















