ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
“නායකත්වය ඊළඟ පරම්පරාවට හිමිවිය යුතු බව මගේ සැබෑ මතයයි,” ද සිල්වා තේරීම් කමිටුවට යොමු කළ ලිපියක සඳහන් කළේය.
ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමා තව දුරටත් සූදානම් බව ද ඔහු පැවසුවේය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඔහුට සුබ පතන අතර අපගේ ටෙස්ට් කණ්ඩායමට ඔහු ලබා දුන් නායකත්වයට ස්තූතිවන්ත වෙනවා” ධනංජයගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසීය.
ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ අඛණ්ඩ පැවැත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගේ අඛණ්ඩ දායකත්වය අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේය.















