හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්

කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විලධාරීන් විසින් අද (07) සවස අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රොහිත බෝගොල්ලාගම මහතාව අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා පසුගිය දා නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු වූ බව අල්ලස් කොමිෂම පැවසු‌වේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website