බැසිල් රාජපක්ෂයට අයත් බව කියන මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම ක්‍රියා විරහිත කෙරේ

උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් අද (06) මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

අද දින සිට බල පැවැත්වෙන පරිදිදින 14ක කාලයක් සඳහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබා දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපොළ ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website