පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය ඊයේ දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරණ අවස්ථාවේම නැවත වරක් ඉන්ධන මිල වැඩි කර ජනතාවට නැවත වරක් විශාල පීඩනයක් එල්ල කළ බවට විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කළේය.
බලය ලබා ගන්න පසුගිය මැතිවරණවල දී වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද වන විට ඉන්ධන මිල විශාල මුදලකින් වැඩි වී තිබෙන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මේ තත්ත්වය ජනතාවගේ ජීවන මට්ටමට සහ ආර්ථිකයට දැවැන්ත ලෙස බලපානු ඇති බව ද කීවේය.
දැන්වත් ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදල්වලින් සහන ලබා දෙන ලෙස ද ඔහු රජයෙන් රජයෙන් ඉල්ලා සිටියේ.













