හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියාට පහර දුන් සැකකරු අත්අඩංගුවට

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පෙනී සිට අධිකරණයෙන් ඉවතට යමින් සිටි අවස්ථාවේ යම් පුද්ගලයෙකු තමන්ට පහරදීමක් සිදුකළ බව සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට අනුයුක්තව සිටින පොලිස් සැරයන්වරයෙකු විසින් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට එදින සවස පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමර්ශන සිදුකළ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පහරදීම සිදුකළ අදාළ සැකකරු අද (01) දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 39 හැවිරිදි වියේ පසුවන අයෙකි.

පහරකෑමට ලක්වූ නිලධාරිායා ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි. එම නිලධාරියා 2026.09.30 වන එදින සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය විසින් විමර්ශනය සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website