
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරය අවට පිහිටා තිබෙන මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙම මහල් නිවාස තුළ ජීවත්වන ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂාකරමින් මහල් නිවාස ආශ්‍රිතව නීතිය හා සාමය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල මෙහිදී සැලසුම් කෙරණු අතර සාකච්ඡාව සඳහා සහභාගී වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතා විසින් ඉදිරිපත්කළ යෝජනා සහ ඉල්ලීම් අනුව ආරක්ෂක විධි විධාන යෙදවීමට අවට පොලිස් ස්ථාන වෙත නියෝග හා උපදෙස් ලබාදීම සිදුකෙරුණි.
ඇතැම් මහල් නිවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මහල් නිවාස සංකීරණ ආශ්‍රිතව පොදු දේපළවලට හානි සිදුකිරීම් වාර්තා වන බැවින් පොලිස් මුරපළ ස්ථාපිත කිරීම, නිරන්තරයෙන් පොලිස් මුර සංචාර යෙදවීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට මෙන්ම යම් පොදු දේපළ අපරාධයකදී පොදු දේපළ සම්බන්ධයෙන් ගැනෙන වැරදි යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකගත්වය පළ විය.
එමෙන්ම පවත්වාගෙන යනු ලබන පොලිස් මුරපොළවල් අළුත්වැඩියා කර ලබාගැනීමට මෙන්ම නව මුරපොළවල් ස්ථාපිකළ යුතු ස්ථාන පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයන්ට එළඹී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා පොලිසියට මෙම සියළු කටයුතු සම්බන්ධව ලබාදෙන පූර්ණ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළකර ඇති අතර මහල් නිවාස ආශ්‍රිතව නීතිය හා සාමය ආරක්ෂාකිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙවන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවකාශය සැලසීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතාට සිය ස්තූතිය පළ කළේය.
මෙම සාකච්ඡාවට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම් කුමාරසිංහ මහතා, කොළඹ දකුණ කොට්ඨස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එල්.ජේ ද සිල්වා මහතා ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධරයන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්. එම් ආර් දිමුතු වීරකෝන් මහතා ඇතුළුව එම අධිකාරියේ නිලධරයන්ගේ සහභාගීත්වය හිමිවිය.












