2026.09.29 වන දින සවස කඩුගන්නාව පොලිස් වසමේ බැලුන්ගල ප්රදේශයේදී බෝතලයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පේරාදෙනිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට කඩුගන්නාව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 38 ක් වූ කඩුගන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඔහුගේ සහෝදරියගේ පුත්රයා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් බියර් බෝතලයක් බිඳ පපු ප්රදේශයට ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු ද සුළු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පේරාදෙනිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















