පිඹුරත්තෑව ජලාශයේ ධීවර කටයුතුවල යෙදී සිටි කාන්තාවක් අකුණු සැර වැදී මරුට

ඊයේ (28) සවස අරලගංවිල පොලිස් වසමේ අලවාකුඹුර ප්‍රදේශයේ කාන්තාවක් අකුණු සැර වැදී මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු‍ 47 ක් වූ අලවාකුඹුර, මාදුරුඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය ඥාති පුත්‍රයෙකු සමග පිඹුරත්තෑව ජලාශයේ ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී අකුණු සැර වැදී ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website