සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්වූ වෙළෙඳසැලක් පාරිභෝගික අධිකාරිය වැටලීමට ලක්කරයි

ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස කතාබහට හා අවධානයට ලක්වූ සිදුවීමකට අදාළව පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳසැලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද (25) දින හදිසි වැටලීමකට ලක්කරන ලදී.

මෙම වැටලීමේදී අනාවරණය කරගත් කරුණු හා පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සාක්ෂි නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව ඉදිරි දිනවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

පාරිභෝගික ජනතාව නොමඟ යවන හෝ සූරාකෑමට ලක්කරන වෙළෙඳසැල් හා ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තර අවධානයෙන් පසුවන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website