2026.08.17 දින සහ 2026.09.08 යන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් 2026.09.19 දින ඉහත අපරාධයන්හි වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ මෙම අපරාධයන් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21,24,41 සහ 45 වයස්වල පසු වන පාදුක්ක, බණ්ඩාරගම, මෙරොන්තුඩුව සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර එම සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙක් බවට ද අනාවරණය වී ඇත.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි















