අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේය.
මෙම තීරණය නිල වශයෙන් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව ද කලුවැව මහතා වැඩි දුරටත් පැවසුවේය.














