මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට සිදුවූ ව්‍යසනකාරී පරාජයෙන් පසුව පීට් හෙග්සෙත් තව දුරටත් ආරක්ෂක ලේකම් ධුරයේ තබා ගත යුතුදැයි ජනාධිපති ට්‍රම්ප් තමා වටා සිටින උපදේශකයින්ගෙන් විමසමින් සිටින බව ට්‍රම්ප්ට සමීප ආරංචි මාර්ග පවසයි.
රිපබ්ලිකන් පක්ෂයේ පරාජයේ වගකීම ඇමරිකානු මධ්‍යම අණදෙන ප්‍රධානී සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් මත පැටවෙනු ඇතැයි ධවල මන්දිර සහායකයින් කිහිප දෙනෙකු අනාවැකි පළ කර තිබේ. ඉරාන යුද්ධය පිළිබඳ මඟ පෙන්වීමේදී ඔවුන් දෙදෙනාම විශාල කාර්යභාරයක් ඉටු කළහ.
තවත් මූලාශ්‍රයක් පැවසුවේ ජනාධිපතිවරයා හෙග්සෙත් වෙනුවට ආදේශ කිරීමට වෙනත් පුද්ගලයෙක් තීරණය කර නොමැති බවයි. මැතිවරණයට පෙර සිටම ඩිමොක්රටික් පාක්ෂිකයන් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට උත්සාහ කරමින් සිටි අතර, සභා දෙකෙහිම ඩිමෝක්රටික් පක්ෂය ශක්තිමත් බහුතරයක් හිමිකර ගැනීමත් සමඟ දෝෂාභියෝග උත්සාහය තව දුරටත් තහවුරු විය හැකිය.
රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට යුද්ධයට දොස් පවරමින් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මෙසේ පවසයි. “අපි පැරදුනේ යුද්ධය නිසා,” ඔහු X හි දීර්ඝ සටහනකින් පැවසීය.
හෙග්සෙත් වෙනුවට ආදේශකයක් ලෙස රිපබ්ලිකන් පක්ෂ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ඉදිරිපත් කරන බව එක් මූලාශ්‍රයක් පැවසීය. ජනවාරි 5 වන දින ඔහුගේ ආණ්ඩුකාර ධුර කාලය අවසන් වූ විට එම තනතුර භාර ගත හැකි බව ද වාර්තා වේ.
හෙග්සෙත් වෙනුවට ආදේශ කිරීම ගැන සලකා බලන්නේ දැයි ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු වාර්තාකරුවන්ට මෙසේ පැවසීය, “නැහැ, මම හිතන්නේ ඔහු ඉතා හොඳ කාර්යයක් කරනවා.
“ටෙනසි සෙනෙට් සභික මාර්ෂා බ්ලැක්බර්න් ආණ්ඩුකාර ධුරයට පත්වන විට හිස් වන ආසනය පිරවීම සඳහා හෙග්සෙත් පත් කරනු දැකීමට කැමති දැයි ජනාධිපතිවරයාගෙන් ද විමසන ලදී. “ඇත්තටම ඔහු එසේ කළහොත් ඔහු ඉතා ජනප්‍රිය වනු ඇතැයි මම සිතනවා. නමුත් මම ඒ ගැන කිසිසේත් අසා නැහැ” ට්‍රම්ප් පැවසුවේය.
ආරක්ෂක ලේකම් ලෙස හෙග්සෙත්ගේ අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට වාර්තා වන බවට පළ වන වාර්තා පිළිබඳව විමසූ විට, ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා “ලේකම් හෙග්සෙත් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති” බවයි.
රොයිටර් ඇසුරිණි














