අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත් වෙයි

අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සහා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත රැගෙන ගොස් තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website