මිරිහාන පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ශ්රී දළදා පෙරහර අද (12) දින රාත්රී 08.00 සිට පසු දින (13) අළුයම 02.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඉහත කාලසීමාව තුළ මිරිහාන ජුබිලි කණුව හන්දියේ සිට පිටකෝට්ටේ හන්දිය දක්වා මාර්ග කොටස හා පිටකෝට්ටේ හන්දියේ සිට පාගොඩ මාර්ගයේ නාග විහාරය පිටුපස අතුරු මාර්ගය දක්වා මාර්ග කොටස රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබයි.
විකල්ප මාර්ග –
• නුගේගොඩ දෙස සිට පිටකෝට්ටේ දෙසට ගමන් කරන රථවාහන මිරිහාන හන්දිය, ඇඹුල්දෙණිය, මාදිවෙල හරහා තලවතුගොඩ මාර්ගයේ පිටකෝට්ටේ හන්දිය දක්වා ගමන් කල හැක.
• පිටකෝට්ටේ දෙස සිට ජුබිලි කණුව දෙසට ගමන් කරන රථවාහන තලවතුගොඩ මාර්ගයේ මාදිවෙල, ඇඹුල්දෙණිය හරහා ජුබිලි කණුව දක්වා ගමන් කල හැක.















