අද (11) අද දින අළුයම් කාලයේ නාඳුනන පුද්ගලයකු විසින් දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙකු වන අතර තුවාලකරු වයස 55 ක් වන ඔවුන්ගේ පියා වේ.
මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම අපරාධයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















