
මෙරට විවිධ අපරාධ සිදුකර විදෙස්ගතව, මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවමින් සිටින බවට තොරතුරු ලැබී තිබූ කොන්ඩ රංජි නම් අනුවර්ත නාමයෙන් හදුන්වන සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (09) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස නම්කර තිබෙන 37 හැවිරිදි මෙම සැකකරු කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වාර්තා වන පරිදි බරපතල තුවාල සිදුකිරීම්, යතුරුපැදි සොරකම්, සොරකම්, සොරබඩු ලඟ තබාගැනීම්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම් වැනි අපරාධ සඳහා චෝදනා ලබා ඇතැම් වැරදිවලට ගරු අධිකරණය මගින් වරදකරු වී ඇත.
එමෙන්ම පසුගිය කාළය තුල ජාඇළ, රාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවේ.















