පකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහන කරන ලද බහාලුම් 02 ක නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සඟවා මෙරටට ආනයනය කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතින බව පොලිසිය කියයි.
මෙම විමර්ශනයට අදාලව යම් යම් අඩුපාඩු පැහැර හැරීම් නිරීක්ෂණය වු බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට ආරම්භ කර ඇත.
එම විමර්ශනය ඉහත සඳහන් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගත් බහාලුම් 02 ක සම්බන්ධව සිදු කරනු ලබන විමර්ශනයට කිසිඳු බාධාවක් නොවන බව දන්වා සිටින අතර, එම විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරමින් පවතී.















