ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට විශේෂ නිල ඇගයීම් සහතිකයක් හිමිවිය.
ශක්තිමත් ජාතික කැපවීම, උසස් ප්‍රතිශක්තිකරණ සේවා සහ ආරක්ෂිත ප්‍රසව පුරුදු ඔස්සේ මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයට පත්වීමෙන් පසු මැලේරියාවෙන් තොර තත්ත්වය වසර 10ක් අඛණ්ඩව රැකගැනීම යන සුවිශේෂී ජයග්‍රහණ අගයමින් මෙම සම්මානය හිමි විය.
ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිරිනමා ඇත.














