පොලිස් පාපැදි සවාරිය 2026 සමස්ත ප්‍රතිඵල : සමස්ථ ශූරතාවය යුධ හමුදාවට – අනුශුරතාව ගල්කිස්ස නගර සභාවට

160 වැනි පොලිස් සංවත්සර දිනය ශ්‍රී ලංකා පොලිසිියේ නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට සංවිධානය කළ 2026-පොලිස් පාපැදි සවාරිය 2026.09.03 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටින් අවසන් විය.

2026.09.01 වන දින පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ වූ පාපැදි සවාරිය අදියර 03කින් සමන්විත වූ අතර පළමු දිනයේ දඹුල්ල නගරයෙන්, දෙවන දින පුත්තලම නගරයෙන් සහ තෙවන දිනයේ නැවත පොලිස් මූලස්ථානය වෙත පැමිණීමෙන් පාපැදි සවාරිය අවසන් කෙරුනි.

පා පැදි සවාරිය සාර්ථකව අවසන් කළ සියයකට අධික තරඟකරුවන් පිළිගැනීම සඳහා තරඟයේ අවසන් මොහොත සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී වූ අතර ජයග්‍රාහකයින්ට සුභපැතුම් පළ කළේය.

තෙවන අදියරේ ජයග්‍රාහකයින් –

  • පළමු වන ස්ථානය – පැය 3 විනාඩි 06 තප්පර 47කින් තරඟය අවසන් කළ අංක 67 යටතේ කරඟ කළ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ ක්‍රීඩකයායි(මෙම ක්‍රීඩකයා පළමු අදියරේ ජයග්‍රහනය මෙන්ම දෙවන අධියරේ දෙවන ස්ථානය හිමිකරගන්නා ලදී ).
  • දෙවන ස්ථානය – අංක 46 යටතේ තරඟකළ ගල්කිස්ස නගර සභාවේ අවිශ්ක මෙඩොන්සා ක්‍රීඩකයායි.
  • තෙවන ස්ථානය – අංක 69 යටතේ තරඟ කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ හරිදු මීමනගේ ක්‍රීඩකයායි.

තරඟාවලියේ සමස්ථ ප්‍රතිඵල-

  • තරඟාවලියේ ශූරතාවය – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ.
  • තරඟාවලියේ අනුශූරතාවය – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක නිරාන් පසිදු තිසේරා.
  • තරඟාවලියේ තෙවන ස්ථානය – ගල්කිස්ස නගර සභාවේ ක්‍රීඩක අවිශ්ක මෙඩොන්සා ක්‍රීඩකයායි.
  • වේගවත්ම ක්‍රීඩකයා – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ.
  • වයස අවුරුදු 23 න් පහළ හොඳම සමස්ත කාලය හිමි ක්‍රීඩකයා – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක දනිදු වීරසිංහ.
  • ස්ප්‍රින්ට් ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ශූරයා – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක පැතුම් වීරසිංහ.

මේ අනුව කණ්ඩායම් ලෙස පාපැදියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාව දිනාගත් අතර අනුශුරතාව ගල්කිස්ස නගර සභාවට හිමවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website