දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය කල්දැමේ

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට (04) දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (03) උදෑසන මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ බලතල ද කප්පාදු කරන බවට තර්ක කළහ.

එහෙයින් මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව තීරණය කරන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website