අධි වෝල්ටීයතා විදුලි රැහැන් සහ කුළුණු අසල සරුංගල් යැවීමෙන් වළකින්න – ජාතික පද්ධති ක්‍රියාකරු

NSO විසින් අද (03) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ බව සඳහන් වේ.

එම නිවේදනයෙන් සමාගම වැඩි දුරටත් සඳහන් කළේ සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවය.

සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බව ද එනිසා මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමට ද හේතු විය හැකි බවත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website