යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය ද, නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින සිට සති තුනක් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට තම තීරණය දැනුම් දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය යෝජිත සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බලන බව ඔහු සඳහන් කළේය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකිද නැතහොත් ජනමත විචාරණයක් ද අවශ්‍යද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ඇති බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩි දුරටත් සඳහන් කළේය.















